ප්‍රධාන පුවත්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂණ සෙවීමට වලානෙන් විමර්ශනයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විමර්ශනයක් ආරම්භ කරමින් එහි පරිගණක පද්ධතියේ සම්පූර්ණ දත්ත ලබාගැනීමට වලාන දූෂණ මර්දන ඒකකය ඇතුළු විමර්ශන කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විමර්ශනයට තාක්ෂණික විශේෂඥයෝ එක්වෙති

එම දෙපාර්තමේන්තුව තුළ සිදුවූ බව කියන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

මෙම විමර්ශන කටයුතු සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ මහාචාර්යවරුන්, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) නිලධාරීන් මෙන්ම ගව්ටෙක් ශ්‍රී ලංකා සහ ටෙලිකොම් ආයතනවල තාක්ෂණික විශේෂඥයන්ද එක්ව සිටිති.

අදාළ විමර්ශනයේදී දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට අදාළ සියලු දත්ත පරීක්ෂාවට ලක්කිරීමට නියමිත බවද වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button