
කාලගුණය
පස්වරු 2න් පසු ප්‍රදේශ කිහිපයකට වැසි අවදානම
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලටත්, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව, උතුරු පළාතේ ඇතැම් ප්‍රදේශවලටත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව පවසයි.
ඒ සමඟම ඌව සහ වයඹ පළාත්වල ද වැසි වාර කිහිපයක් වාර්තා විය හැක.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තද වැසි ලැබීමේ අවදානමක්ද පවතී.
එසේම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවද දැනුම් දෙයි



