ප්‍රධාන පුවත්

වෙඩි තැබීම් දෙකකට අනුබල දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

බස්නාහිර පළාත් දකුණ දිසා භාර අපරාධ කොට්ඨාසය විසින් දෙහිවල සහ කොහුවල ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් සිද්ධි දෙකකට සම්බන්ධව ආධාර අනුබල ලබාදී ඇති බවට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 09 වැනි දින දෙහිවල පොලිස් වසමේ හෝටලයකදී එහි හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියටත්, පසුගිය වසරේ දෙසැම්බර් 12 වැනි දින කොහුවල පොලිස් වසමේ බෝධියාවත්ත ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියටත් මෙම සැකකරුවන් ආධාර අනුබල ලබාදී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 730ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 18ක් වන බොරැල්ගමුව සහ ගල්කිස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත මෙම අපරාධ සඳහා ආධාර අනුබල සිදුකර ඇති බවටද වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදු කරමින් පවතී.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button