
2027 පාසල් නිල ඇඳුම් චීනයෙන් – සිසුන් මිලියන 4.18කට ප්රතිලාභ
2027 පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි චීන මහජන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
මෙම ආධාරය ශ්‍රී ලංකාවේ රජයේ පාසල්, රජයේ ආධාර ලබන පාසල් සහ රජයේ අනුමත පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලුම සිසුන් සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් 2027 වර්ෂයේ නිල ඇඳුම් අවශ්‍යතාව සපුරාලීම සඳහා යොදා ගැනේ.
අදාළ ප්‍රදානයට අදාළ නිල සහතිකපත් හුවමාරු කිරීමේ උත්සවය ඊයේ (15) බත්තරමුල්ල ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම ව්‍යාපෘතිය යටතේ සිසුන් මිලියන 4.18කට ආසන්න පිරිසකගේ නිල ඇඳුම් අවශ්‍යතාව සපුරාලීම සඳහා රෙදි මීටර් මිලියන 10.820ක තොගයක් චීන රජය විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට නියමිතය.
ඒ අනුව, දෙරට අතර පවතින මිත්‍රත්ව සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් අදාළ එකඟතා සහතිකපත් ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් මහතා සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා අතර හුවමාරු කෙරිණි.
මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කටයුතු භාර උපදේශකවරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද එක්ව සිටියහ.



