ප්‍රධාන පුවත්

විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට

විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇති බව නිවේදනය කරයි. අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය ඉලක්ක කරමින් දිවයින පුරා ක්‍රියාත්මක කරන දෛනික සෝදිසි මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

ඊයේ (04) දිනය තුළ පුද්ගලයින් 27,965 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී සැකකරුවන් 780 දෙනෙකු පොලීසිය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතරින් අපරාධවලට සෘජුව සම්බන්ධ බවට හඳුනාගත් සැකකරුවන් 20 දෙනෙකු සිටින බවත්, විවෘත වරෙන්තු මත සොයමින් සිටි පුද්ගලයින් 415 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම මෙහෙයුම් අතරතුර බීමත්ව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 56 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීමේ චෝදනා මත තවත් පුද්ගලයින් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව, වෙනත් රථවාහන නීති උල්ලංඝන සම්බන්ධයෙන් පුද්ගලයින් 4,030 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button