
වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන සඳහා නව නියාමන මාර්ගෝපදේශ
ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා ආයතනගත රැකවරණ සේවා සපයන වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග සහ මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබේ.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික වැඩිහිටි මහ සභාවේ උපදෙස් හා මඟපෙන්වීම මත ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් මෙම නව මාර්ගෝපදේශ සකස් කර ඇත.
පසුගිය ඔක්තෝබර් පළමුවැනිදාට යෙදී තිබූ ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව, පන්නල නෙදර්ලන්ත-වෙල්කම් විලේජ් පරිශ්‍රයේ පැවති අවස්ථාවකදී එම නියෝග හා මාර්ගෝපදේශ විෂය භාර අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා වෙත පිළිගන්වා තිබේ.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2024 දත්ත අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 ඉක්මවූ ජනගහනය සියයට 18 ඉක්මවා ඇති බවයි.
එම ප්‍රතිශතය ඉදිරියේදී සියයට 24 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.
රාජ්‍ය, පෞද්ගලික, රාජ්‍ය නොවන සහ ස්වේච්ඡා සංවිධාන විසින් පවත්වාගෙන යන සියලුම ජ්‍යේෂ්ඨ පුරවැසි රැකවරණ මධ්‍යස්ථාන ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අනිවාර්යයෙන් ලියාපදිංචි කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කර ඇත.
එමෙන්ම, එම මධ්‍යස්ථානවල සේවා ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා හඳුන්වා දී ඇති නව නියෝග හා මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමද අනිවාර්ය වනු ඇත.
මේ අතර, ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 100ක ආධාර යටතේ ඉදිරි වසර තුන තුළ මෙරට වැඩිහිටි ආයතනගත රැකවරණ පද්ධතිය පුළුල් කර ශක්තිමත් කිරීමට එකඟතාවකට පැමිණ ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
දීර්ඝ කාලයක් අබලන්ව පැවති පන්නල නෙදර්ලන්ත-වෙල්කම් විලේජ් පරිශ්‍රය ගැසට් පත්‍රයක් මගින් රජයට පවරාගෙන ඇති අතර, ලබන වසරේදී රුපියල් මිලියන 400ක මුදලක් වැය කර එය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
2026 ජාත්‍යන්තර වැඩිහිටි දින ජාතික සැමරුම් උත්සවයට සමගාමීව සමරු මුද්දරයක් නිකුත් කිරීමද මෙහිදී සිදුකර තිබේ.



