ප්‍රධාන පුවත්

IMF නියෝජිත පිරිස අද ශ්‍රී ලංකාවට පැමිණෙයි

IMF නියෝජිත පිරිස අද (10) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති අතර, මෙරට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන වැඩසටහනේ හත්වන සමාලෝචනය සඳහා මෙම නියෝජිත කණ්ඩායම දිවයිනට පැමිණෙන බව සඳහන් වේ.

IMF නියෝජිත පිරිස 23 දක්වා මෙරට රැඳෙයි

දිවයිනට පැමිණෙන නියෝජිත කණ්ඩායම ලබන 23 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතව තිබේ.

එම කාලය තුළ රජයේ බලධාරීන් සමග සාකච්ඡා කරමින් මෙරට මෑතකාලීන ආර්ථික වර්ධනයන් පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතය.

ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ගැන සාකච්ඡා

එමෙන්ම, ක්‍රියාත්මක කර ඇති මූල්‍ය හා ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ඇතුළු කරුණු පිළිබඳවද IMF නියෝජිතයින් රජයේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වේ.

මෙම නියෝජිත කණ්ඩායම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ ප්‍රධානී ඉවාන් පැපජෝර්ජියෝ විසින් මෙහෙයවනු ලබයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button