කාලගුණය

අද පස්වරුවේ ඌව නැගෙනහිරට වැසි

අද දින ඌව නැගෙනහිර වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. විශේෂයෙන් පස්වරු 2.00න් පමණ පසු එම ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවීමට ඉඩ තිබේ.

ඌව සහ නැගෙනහිර පළාත්වලට අමතරව මුලතිව් දිස්ත්‍රික්කයේද පස්වරුවෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින්, අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button