උණුසුම් පුවත්

ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට

ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුවට ගොස් සිටීමෙන් අනතුරුව යළි දිවයිනට පැමිණ තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මලයාසියාවේ සිට පැමිණි MH 179 දරන ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 11.26ට පමණ මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

මේ අතර, සිරිලිය සවිය අරමුදලට සම්බන්ධ ගිණුමක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කැඳවීමක් සිදුකර තිබුණි.

එවැනි පසුබිමක් තුළ ඇය පසුගියදා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබූ අතර, ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු මෙලෙස යළි දිවයිනට පැමිණ තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button