ප්‍රධාන පුවත්

$ මිලියන 2.5 සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගතවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

අදාළ ප්‍රකාශය ලබන 5 වැනිදා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා විසින් සිදු කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර, ඩොලර් මිලියන 2.5ක මුදල අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (30) පස්වරු 1.00ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීමට නියමිත බවද වාර්තා වී තිබේ.

මෙම කැඳවීම සිදු කර ඇත්තේ කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතාගේ දැනුම්දීමකට අනුවය. ඒ අනුව, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් අදාළ මුදල් අස්ථානගතවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට නියමිතය.

කෙසේවෙතත්, මීට පෙර රාජ්‍ය මුදල් කාරක සභාව හමුවේ පෙනී සිටීමට නොහැකි බව සඳහන් කරමින් භාණ්ඩාගාර ලේකම්වරයා ඊයේ (29) ලිපියක් යොමු කළ බව සභාපති හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබුණි.

එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය සඳහන් කළේ, භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා COPF හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නොමැති බවයි.

 

Related Articles

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button