ප්‍රධාන පුවත්

සරණ ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩු 4ක තීන්දුව මැයි 26 දක්වා කල් තැබේ

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනු කර ඇති නඩු හතරක තීන්දු ප්‍රකාශයට පත් කිරීම මැයි 26 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩු හතරට අදාළ තීන්දුව අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, පසුව එය කල් දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

විනිසුරුවරයා දැනුම් දී ඇත්තේ අදාළ නඩු තීන්දු නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ලබන මැයි 26 දින සිදුකරන බවයි.

2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ, එම ආයතනය සඳහා කුලී පදනම මත වාහන ලබාගැනීමේදී රජයට මූල්‍ය පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩු ගොනු කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button