විදෙස්

BNP පක්ෂයට බංග්ලාදේශ මහ මැතිවරණයේ ආසන 209 ක්– තාරික් රහ්මාන් අග්‍රාමාත්‍ය ධුරයට

බංග්ලාදේශයේ පැවති මහ මැතිවරණයෙන් Bangladesh Nationalist Party (BNP) පක්ෂය පාර්ලිමේන්තු ආසන 300 අතරින් 209ක් දිනාගෙන බහුතර බලය හිමි කරගෙන තිබේ. එරට මාධ්‍ය වාර්තා අනුව, පක්ෂ නායකත්වය නියෝජනය කරන තාරික් රහ්මාන් මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතය. ඔහු හිටපු අගමැතිනි Khaleda Ziaගේ පුත්‍රයා වේ.

2024 වසරේ උද්ඝෝෂණ රැල්ලකට පසු පැවැත්වූ මෙම මහ මැතිවරණය ඊයේ (12) අවසන් වූ අතර, නව අග්‍රාමාත්‍යවරයකු තෝරාගැනීම සහ ව්‍යවස්ථා සංශෝධන සඳහා ජනතා අනුමැතිය ලබාගැනීම ප්‍රධාන අරමුණ විය. එමෙන්ම, බංග්ලාදේශ ඉතිහාසයේ එකවර ඡන්ද විමසීම් දෙකක් පැවැත්වූ පළමු අවස්ථාව ලෙසද මෙය සටහන් වෙයි.

මේ අතර, ධුරයෙන් පහකළ හිටපු අග්‍රාමාත්‍ය Sheikh Hasinaගේ Awami League පක්ෂයට මෙවර මැතිවරණයට තරග කිරීම තහනම් කර තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button