
ක්‍රීඩා
ශ්‍රී ලංකා–ඔස්ට්‍රේලියා T20 ලෝක කුසලාන තරගයේ ටිකට් සියල්ල විකිණී අවසන්
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත තරගය සඳහා නිකුත් කළ සියලුම ප්‍රවේශපත් මේ වනවිට විකිණී අවසන් වී ඇති බව Sri Lanka Cricket නිවේදනය කරයි.
එම හේතුවෙන්, තවදුරටත් ප්‍රවේශපත් ලබා ගැනීම සඳහා ටිකට් කවුළුව වෙත පැමිණීමෙන් වළකින ලෙස ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
‘B’ කාණ්ඩයට අයත් මෙම තරගය එළැඹෙන 16 වනදා රාත්‍රී තරගයක් ලෙස Pallekele International Cricket Stadium හිදී පැවැත්වීමට නියමිතය. 35,000කට ආසන්න ප්‍රේක්ෂක ධාරිතාවක් මෙම ක්‍රීඩාංගණයට ඇත.



