උණුසුම් පුවත්

බලපත්‍ර රහිත පිස්තෝලයක් සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) නුවරඑළිය ප්‍රදේශයේදී බලපත්‍රයක් නොමැති පිස්තෝලයක් සමඟ නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් තොරතුරු අනුව, ඔහු පවුලේ ඥාතීන් සමඟ නුවරඑළියට පැමිණ සිටින අතර, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් සමඟ ඇතිවූ බහින්බස්වීමක් අතරතුර ඔහු සතුව තිබූ පිස්තෝලය පෙන්වා තර්ජනය කළ බවට පැමිණිල්ලක් ලැබී තිබේ.

ඒ අනුව, නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර ප්‍රේමලාල් මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

තවද, ඔහු සතුව තිබූ පිස්තෝලයට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ බලපත්‍රය 2025 වසරෙන් පසු කල් ඉකුත් වී ඇති බවද අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button