
උණුසුම් පුවත්
පිල්ලෙයාන් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්
මඩකලපුවේදී පුද්ගලයින් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින පිල්ලෙයාන් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් කර තිබේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමඟ හමුදා බුද්ධි අංශයේ තොරතුරුකරුවන් දෙදෙනෙකු මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුවන් තිදෙනා ඔක්තෝබර් 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.



