ප්‍රධාන පුවත්

ෆවුසි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක්

හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි  මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

එතුමන් ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබාදී තිබූ සුඛෝපභෝගී වාහනයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම සම්බන්ධයෙන් මෙම තීන්දුව ලබාදී ඇත.

ඒ අනුව රුපියල් ලක්ෂ 66ක මුදලක් වන්දි ලෙස රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

එමෙන්ම අවභාවිත කළ වාහනයේ ඡායාරූපයක් සමඟ සමාව ඉල්ලා භාෂා තුනෙන් පුවත්පත් දැන්වීම් පළ කරන ලෙසද හිටපු අමාත්‍යවරයාට නියෝග කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button