
උණුසුම් පුවත්
මහර බන්ධනාගාරය අවට යළි නොසන්සුන්තාවක්
මහර බන්ධනාගාරය අවට යළි නොසන්සුන්තාවක් යළිත් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.
බන්ධනාගාර පරිශ්රය තුළින් වෙඩි හඬට සමාන ශබ්ද කිහිපයක් ඇසීමත් සමඟ රැඳවියන් බැලීමට පැමිණ සිටි ඥාතීන් සහ ප්රදේශවාසීන් පොලිස් මුර බාධක ඉක්මවා ඇතුළු වීමට උත්සාහ කර ඇති බව සඳහන්ය.
එම අවස්ථාවේදී තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ නිලධාරීන් ඉදිරියට පැමිණ පියවර ගෙන ඇති අතර, ඒ අතරතුර ප්රදේශයේ නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.
වාර්තා වන තොරතුරු අනුව, රැඳවියන්ගේ ඥාතීන් සහ ප්රදේශවාසීන් විසින් ආරක්ෂක අංශ නිලධාරීන් වෙත ගල් ප්රහාර කිහිපයක් ද එල්ල කර ඇති බව සඳහන් වේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා ජල ප්රහාරක රථ ද මහර බන්ධනාගාරය ඉදිරිපිට පරිශ්රය වෙත කැඳවා ඇති අතර, ආරක්ෂාව තවදුරටත් දැඩි කර තිබේ.



