
උණුසුම් පුවත්
පොලිස් නිලධාරීන්ට පහරදීමේ නඩුවෙන් චමින්ද විජේසිරිට සිරදඬුවම්
චමින්ද විජේසිරිට සිරදඬුවම් නියම කරමින් බදුල්ල මහාධිකරණය අද (28) තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීම සහ ඔවුන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවේ වරදකරු ලෙස තීරණය වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර එකහමාරක සිරදඬුවමක් නියම කර තිබේ.
අදාළ නඩුව අද බදුල්ල මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ මෙම තීන්දුව ලබාදී ඇත.
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින් ක්‍රියා කිරීම, පහරදීම සහ මරණ තර්ජන එල්ල කිරීම යන චෝදනා සම්බන්ධයෙන් පැවති නඩු විභාගයෙන් අනතුරුව අධිකරණය මෙම දඬුවම නියම කළේය.



