
ප්රධාන පුවත්
සුරේෂ් සලේගේ රිට් පෙත්සම අගෝස්තු 25 දක්වා කල් යයි
සුරේෂ් සලේගේ රිට් පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා එය අගෝස්තු 25 වනදා නැවත කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (28) නියෝග කළේය.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට අදාළ විමර්ශන හේතුවෙන් තමන්ව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තැබීම නීතිවිරෝධී බව පෙන්වා දෙමින් රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී සුරේෂ් සලේ මහතා මෙම රිට් පෙත්සම ගොනු කර තිබේ.
පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී පෙත්සමට අදාළ වැඩිදුර කරුණු ඉදිරිපත් කර තහවුරු කිරීම සඳහා නඩුව අගෝස්තු 25 වනදා යළි කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කළ අතර, එදින වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.



