
අග්රභාර දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමට ජූලි 31 අවසන් දිනය
අග්රභාර දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම සහ එහි ඇතුළත් කර ඇති තොරතුරු අනුමත කිරීම සඳහා ලබාදී ඇති කාලය එළැඹෙන ජූලි 31 වනදායින් අවසන් වන බව අග්රභාර රක්ෂණ භාර අරමුදල යළි දැනුම් දී තිබේ.
ඒ අනුව සියලුම සාමාජිකයින් නියමිත අවසන් දිනයට පෙර අනිවාර්යයෙන්ම ලියාපදිංචි වී තම තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කර යාවත්කාලීන කළ යුතු බව එම අරමුදල සඳහන් කරයි.
එසේම අදාළ ආයතනවල අග්රභාර විෂයභාර නිලධාරීන් විසින් සාමාජිකයින් ඉදිරිපත් කර ඇති දත්ත සත්‍යාපනය කළ යුතු අතර, එම තොරතුරු ආයතන ප්‍රධානීන්ගේ අනුමැතියට යොමු කිරීමද අනිවාර්ය බව ද දැනුම් දී ඇත.
ප්‍රමාදයකින් තොරව අග්රභාර හිමිකම් සහ ප්රතිලාභ ලබා ගැනීම සඳහා සියලු තොරතුරු නියමිත දිනට පෙර අග්රභාර දත්ත පද්ධතිය වෙත ඇතුළත් කර යාවත්කාලීන කිරීමත්, අදාළ අනුමත කිරීමේ කටයුතු තම ආයතනයේ විෂයභාර නිලධාරීන් මාර්ගයෙන් තහවුරු කර ගැනීමත් අත්‍යවශ්‍ය බව අග්රභාර රක්ෂණ භාර අරමුදල වැඩිදුරටත් නිවේදනය කර තිබේ.



