
ධීවර හා නාවික ප්‍රජාවට මුහුදු අනතුරු ඇඟවීමක්
ධීවර හා නාවික ප්‍රජාව වෙත විශේෂ අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.
බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් වර්ධනය විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය වැඩිවීමේ හැකියාවක් පවතින බැවින්, ධීවර හා නාවික කටයුතුවල නිරත පිරිස් ඉදිරි කාලගුණ නිවේදන සහ අනාවැකි පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම්දී ඇත.
කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
එමෙන්ම දිවයින වටා අනෙකුත් මුහුදු ප්රදේශවලද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.
සුළං නිරිත දෙසින් හමා එන අතර, එහි වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකිය.
එසේම පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්රදේශවලද සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකිය.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0ත් 2.5ත් අතර උසකට ඉහළ යාමේ හැකියාවක්ද පවතින බව වැඩිදුරටත් දැනුම්දී තිබේ.



