ප්‍රධාන පුවත්

මාතර බස් අනතුරින් 40ක් රෝහලට

මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ තලල්ල වජිරවංශ මාවත ආසන්නයේ අද (26) උදෑසන සිදුවූ පෞද්ගලික බස් රථ දෙකක මුහුණට මුහුණ ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 40 දක්වා ඉහළ ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අනතුරට පත් වූ බස් රථවල ගමන් කළ පුද්ගලයින් 40 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි. එයින් 25 දෙනෙකු මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, අනෙක් පිරිස බතීගම ප්‍රාදේශීය රෝහල වෙත යොමු කර තිබේ.

ගාල්ල සිට අම්පාර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ තංගල්ල – මාතර මාර්ගයේ ධාවනය වූ තවත් පෞද්ගලික බස් රථයක් අද උදෑසන 7.45ට පමණ මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුර හේතුවෙන් තංගල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට තාවකාලික බාධා එල්ල වූ අතර, අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button