ප්‍රධාන පුවත්

විමල් වීරවංශ අධිකරණයට

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

විමල් වීරවංශ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ මංජුල පතිරාජ මහතා කරුණු දක්වමින් සඳහන් කළේ, සිය සේවාදායකයා ගමන් කළ වාහනයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.

එම කරුණු සලකා බලා විමල් වීරවංශ මහතාට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

කෙසේ වෙතත්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා දැනුම් දී ඇත්තේ එම ඉල්ලීම හෙට (22) මෝසමක් මඟින් ඉදිරිපත් කරන ලෙසය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button