
උණුසුම් පුවත්
ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු 5කට ඇප
ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇප ලබාදෙමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් පස් දෙනා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළේය.
මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.
මහේස්ත්‍රාත්වරයා එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප නියම කළ අතර, ඔවුන්ගේ විදේශ ගමන් ද තාවකාලිකව තහනම් කිරීමට නියෝග කර ඇත.
චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව ශාන්ත බණ්ඩාරගේ පුත් ඇතුළු සැකකරුවන් පස් දෙනා පසුගිය 21 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.



