උණුසුම් පුවත්

දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනය ඉවත් කිරීමට පොලිස්පති නිර්දේශ කරයි

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිත දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කරන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නිර්දේශ කර තිබේ.

එම නිර්දේශය ලිඛිතව මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා වෙත දැනුම් දී ඇති අතර, ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරයා අද (26) දෙවිනුවර ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේවරයා වෙත එම තීරණය දැනුම් දී ඇති බව වාර්තා වේ.

මෙවර දෙවිනුවර පෙරහැර මංගල්‍ය මේ දිනවල පැවැත්වෙන අතර, කාවඩි නර්තනය ඇතුළත් පෙරහැර ජූලි 28 වැනිදා සංවිධානය කර තිබුණි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික බුද්ධි ප්‍රධානී, ජාතික බුද්ධි සේවාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කළ බුද්ධි තක්සේරු වාර්තා අනුව, සංවිධායකයින් සහ කාවඩි නර්තන ශිල්පීන් අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති විය හැකි බවට තොරතුරු ලැබී ඇති බව සඳහන් වේ.

එම තොරතුරු සැලකිල්ලට ගනිමින්, අදාළ දිනයේ කාවඩි නර්තන අංගය පෙරහැරෙන් ඉවත් කිරීම ආරක්ෂක හේතු මත දැඩි ලෙස නිර්දේශ කරන බව පොලිස්පතිවරයා සිය ලිඛිත දැනුම්දීමෙන් ප්‍රකාශ කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button