සෞඛ්‍යය

වසරේ මේ දක්වා ඩෙංගු මරණ සංඛ්‍යාව 61ක්

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

එම ඒකකය නිකුත් කළ නවතම වාර්තාවට අනුව, මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 80,905 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ජූලි මාසයේ 24 වන දින දක්වා පමණක් ඩෙංගු ආසාදිතයින් 25,530 දෙනෙකු වාර්තා වී ඇති බව එම වාර්තාවේ දැක්වේ.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 17,135කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,140ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,574ක් හඳුනාගෙන ඇත.

මේ අතර බස්නාහිර පළාතෙන් ඩෙංගු ආසාදිතයින් 42,835ක් වාර්තා වී ඇති අතර දකුණු පළාතෙන් 12,260ක් සහ මධ්‍යම පළාතෙන් 6,924ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් පවසයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button