
ප්‍රධාන පුවත්
බලංගොඩ ගල්වලකින් දැරියකගේ මළසිරුරක්
බලංගොඩ ගල්වලකින් දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බලංගොඩ මහවලතැන්න කජුවත්ත ප්‍රදේශයේ පිහිටි භාවිතයෙන් ඉවත් කළ ගල්වලක තිබී මෙම 17 හැවිරිදි දැරියකගේ මළසිරුර සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, මියගොස් ඇත්තේ මහවලතැන්න ප්‍රදේශයේ පදිංචි දැරියක වන අතර ඇය පසුගිය 23 වැනිදා සිට අතුරුදන්ව සිටි බවයි. ඒ සම්බන්ධයෙන් ඇයගේ පියා විසින් බලංගොඩ පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබූ බව සඳහන්ය.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, එය ඝාතනයක්, සියදිවි නසා ගැනීමක් හෝ වෙනත් හේතුවක් මත සිදුවූ මරණයක්ද යන්න තහවුරු කිරීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
සිද්ධියට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) බලංගොඩ මූලික රෝහලේදී පැවැත්වීමට නියමිත අතර, එහි වාර්තාව අනුව ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිතය.



