ප්‍රධාන පුවත්

කෙටි කෑම මිල ඉහළට – පරාටා සහ බිත්තර රොටි රුපියල් 5කින් වැඩි වෙයි

කෙටි කෑම මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව පරාටා, බිත්තර රොටි ඇතුළු පිටි ආශ්‍රිත කෙටි කෑම වර්ගයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට නියමිතය.

එමෙන්ම ඉඳිආප්පයක මිල රුපියලකින් සහ ආප්පයක මිල රුපියල් 2කින් ඉහළ දැමීමටද තීරණය කර තිබේ.

තිරිඟු පිටි මිල ඉහළ යාම හේතුවක්

අද සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 17කින් ඉහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් පියවර ගෙන තිබීම මෙම මිල සංශෝධනයට හේතු වී ඇත.

ඒ අනුව ඉහළ ගිය තිරිඟු පිටි මිල සැලකිල්ලට ගනිමින් කෙටි කෑම මිල සංශෝධනය කිරීමට ආපනශාලා හිමිකරුවන් තීරණය කර තිබේ.

පාන් මිල ගැනත් තීරණයක්

මේ අතර, තිරිඟු පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමස්ත ලංකා බේකරි හිමිකරුවන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව එළැඹෙන සඳුදා රැස්වීමට නියමිතය.

එහිදී පාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button