උණුසුම් පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු නිකුත් කෙරේ

අර්ච්චුනාට වරෙන්තු නිකුත් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝගයක් ලබාදී තිබේ.

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට එරෙහිව කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට ගොනුකර ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටි බව සඳහන් වේ.

නඩුව විභාගයට ගත් අවස්ථාවේ මන්ත්‍රීවරයාගේ ඇපකරුවන් ද අධිකරණයේ පෙනී නොසිටි බව අධිකරණයේදී අනාවරණය වී ඇත.

ඒ අනුව, නඩුවට පෙනී නොසිටීම සැලකිල්ලට ගත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අර්ච්චුනාට වරෙන්තු නිකුත් කිරීමට අද නියෝග කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button