උණුසුම් පුවත්

ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට පැය 24ක රැඳවුම් නියෝග

ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග මත හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා පැය 24ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට (CCIB) අවසර ලබාදී තිබේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ චීන ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන 20ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළ විමර්ශනවල ප්‍රගතිය සැලකිල්ලට ගනිමිනි.

සිද්ධියට අදාළව සැකකරුගෙන් වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගැනීම සහ විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා මෙම රැඳවුම් නියෝගය ලබාදුන් බව අධිකරණයේදී සඳහන් වී ඇත. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button