ප්‍රධාන පුවත්

බැසිල් රාජපක්ෂගේ වරෙන්තුව යළි දීර්ඝ කරයි

බැසිල් රාජපක්ෂගේ වරෙන්තුව යළි දීර්ඝ කිරීමට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝග කර තිබේ.

මාතර, එළියකන්ද පාර, බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන 60කට මිලදී ගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දෙවැනි වරටත් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය ලබා දී ඇත.

මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඉදිරියේ අද නඩුව කැඳවූ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබූ වරෙන්තුව තවදුරටත් බලපැවැත්වෙන ලෙස දීර්ඝ කර තිබේ.

එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප ලබාදුන් ඇපකරුවන් සිව්දෙනාට මහෙස්ත්‍රාත්වරයා අවවාද කර ඇති අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇත.

එසේ නොවන්නේ නම් ඇප මුදල් රාජසන්තක නොකිරීමට හේතු දක්වන ලෙසද ඇපකරුවන්ට නියෝග කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button