ප්‍රධාන පුවත්

කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර

කාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර ආරම්භ කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.

ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටි මෙම ඇතා සම්බන්ධයෙන් නිකවැරටිය පශු වෛද්‍ය පුබුදු මහත්මිය ප්‍රමුඛ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඊයේ (24) උදෑසන සිට මෙහෙයුමක් සිදුකර තිබේ.

උස්ගල සියඹලාන්ගමුව වැව ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ එම මෙහෙයුමෙන් අනතුරුව කාවන්තිස්ස ඇතාට අවශ්‍ය පශු වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති බව සඳහන් වේ.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ මැදිහත්වීම යටතේ, පශු වෛද්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ගංගා මහත්මියගේ උපදෙස් අනුව ප්‍රතිකාර කටයුතු ක්‍රියාත්මක කර ඇත.

මේ සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්, වනජීවි නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් එක්ව සිටිති.

කාවන්තිස්ස ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු පශු වෛද්‍ය කටයුතු අඛණ්ඩව සිදුකරන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම පශු වෛද්‍ය කණ්ඩායම් සහ වනජීවි නිලධාරීන් විසින් ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිරන්තර අධීක්ෂණයක් ද සිදුකරමින් පවතින බව වැඩිදුරටත් සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button