කාලගුණය

ගැඹුරු පීඩන අවපාතය දුර්වල වෙයි – අද සිට බලපෑම අඩුවේ

ගැඹුරු පීඩන අවපාතය පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද (25) අලුයම නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව, මෙම කාලගුණ පද්ධතිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාලගුණයට ඇති වූ බලපෑම අද සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේවෙතත්, බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

එම පළාත්වල ඇතැම් ස්ථාන සඳහා මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මෙන්ම උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30–40ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button