
ඉන්දු-ශ්‍රී ලංකා ද්විත්ව බදු ගිවිසුමට නව සංශෝධනයක්
ද්විත්ව බදු ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක ගිවිසුමට නව සංශෝධනයක් එක් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා අනුව, Principal Purpose Test (PPT) ලෙස හඳුන්වන නව රෙගුලාසිය ගිවිසුමට ඇතුළත් කර ඇති අතර, එය ඊයේ (19) සිට බලාත්මක වී තිබේ.
මෙම සංශෝධනයේ අරමුණ වන්නේ දේශසීමා හරහා සිදුවන ආයෝජන හා ව්‍යාපාරික ව්‍යුහයන් බදු සහන ලබා ගැනීමේ අරමුණින් පමණක් නිර්මාණය කර ඇත්දැයි බදු බලධාරීන්ට වඩාත් දැඩි ලෙස ඇගයීමට හැකි වීමයි.
ඉන්දීය රජය සඳහන් කරන්නේ, බදු මගහැරීමේ අරමුණින් සැකසූ ආයෝජන හෝ ව්‍යාපාරික ව්‍යුහයන් හඳුනාගෙන, ඒවාට ගිවිසුම යටතේ ලබාදෙන බදු ප්රතිලාභ ප්‍රතික්ෂේප කිරීම මෙම නව රෙගුලාසියේ ප්‍රධාන අරමුණ බවයි.
ඉන්දීය මුදල් අමාත්‍යාංශය පවසන්නේ මෙම විධිවිධාන ඉන්දියාව තුළ 2026 අප්‍රේල් 1 වැනිදා සිට උපයන ආදායම් සඳහා අදාළ වන බවයි.
නව රෙගුලාසිය යටතේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන සිදු කරන සමාගම් හා ආයෝජකයින් සිය දේශසීමා හරහා සිදුවන ගනුදෙනුවලට පැහැදිලි වාණිජමය අරමුණක් පවතින බව සනාථ කළ හැකි ලේඛන සහ සාක්ෂි පවත්වාගෙන යා යුතු වේ.
මෙම සංශෝධනය හේතුවෙන් සමාගම් සහ ආයෝජකයින්ට සිය බදු සැලසුම් සහ ආයෝජන උපායමාර්ග නැවත සමාලෝචනය කිරීමට ද අවශ්‍ය වනු ඇත.



