
මහරගම ගිනි තැබීමක් – මව සහ 16 හැවිරිදි දියණිය මරුට
මහරගම ප්රදේශයේ දෙමහල් නිවසක ඉහළ මහලට සිදුකළ ගිනි තැබීමක් හේතුවෙන් එකම පවුලේ මවක් සහ ඇගේ 16 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම සිදුවීම ඊයේ (18) දින මහරගම, පමුණුව පාරේ එක්සත් සුබසාධක මාවතේ දෙවන පටුමග පිහිටි නිවසකදී වාර්තා වී ඇත.
පොලීසිය සඳහන් කළේ, කිසියම් පිරිසක් විසින් නිවසට ගිනි තැබීම සිදුකර ඇති බවට සැක පළවන අතර, ගිනි අනතුරෙන් 55 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ දියණිය එම ස්ථානයේදී මියගොස් ඇති බවයි. සිද්ධියෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ දැරියගේ පියා සහ නිවසේ හිමිකරු වන 76 හැවිරිදි පුද්ගලයෙකු රෝහල් ගත කර ඇත.
ගින්න දැක අසල්වැසියන් වහා මැදිහත්ව එය නිවා දැමීමට කටයුතු කර තිබූ අතර, තුවාල ලැබූ පුද්ගලයින් රෝහල්ගත කිරීමෙන් පසු නිවස තුළ සිදුකළ පරීක්ෂාවකදී කාමරයක් ඇතුළත මව සහ දියණියගේ මළ සිරුරු හමුවී තිබේ.
අපරාධ ස්ථානයේ පෙට්රල් සුවඳක් ද පැතිර තිබූ අතර, පරීක්ෂණ අනුව මෙය ගිනි තැබීමක් හරහා සිදුකළ ද්විත්ව ඝාතනයක් බවට අනාවරණය වී ඇති බව පොලීසිය ප්රකාශ කළේය. එමෙන්ම, මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මහරගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.



