
ජාතික පොලිස් කොමිෂන් සභා සාමාජික පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ජාතික පොලිස් කොමිෂන් සභා සාමාජික පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබේ.
දැනට පවතින සහ ඉදිරියේදී ඇතිවිය හැකි ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුර පුරප්පාඩු සඳහා සුදුසු පුද්ගලයින් නිර්දේශ කිරීමේ අරමුණින් මෙම අයදුම්පත් භාරගැනීම ආරම්භ කර ඇති බව සඳහන් වේ.
ඒ සඳහා අවශ්‍ය අයදුම්පත්‍රය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ යන ක්ෂණික සබැඳිය යටතේ පළ කර ඇති ආකෘතියට අනුව සකස් කළ යුතුය.
සම්පූර්ණ කළ අයදුම්පත් 2026 ජූලි 31 වැනිදා හෝ ඊට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ලැබෙන පරිදි යොමු කළ යුතු බව ද දැනුම් දී ඇත.
අයදුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ හැකිය.
එසේම, ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ විද්‍යුත් ලිපියේ විෂය (Subject) ලෙස ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ යන සඳහන අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වැඩිදුරටත් දැනුම් දී තිබේ.



