ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ පෙත්සමට කාදිනල් හිමිගෙන් පෙත්සමක්

සුරේෂ් සලේගේ පෙත්සම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවසර ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් අභියාචනාධිකරණයට අතරමැදි පෙත්සමක් ගොනු කර තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තැබීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

එම පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට තමන්ට අවසර ලබාදෙන ලෙසත්, සුරේෂ් සලේගේ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සිය අතරමැදි පෙත්සම මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button