
ප්‍රධාන පුවත්
කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්
සැකකරුවන්ට තහනම් ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමට ඉඩ ලබාදුන් බවට චෝදනා එල්ලවීම හේතුවෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබේ.
පොලීසිය සඳහන් කළේ, සිරමැදිරි දෙකක රඳවා සිටි සැකකරුවන්ට හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමට මෙන්ම දුම්වැටි, ලයිටර් සහ දුම්කොළ කැබලි සන්තකයේ තබාගැනීමටද මෙම නිලධාරීන් දෙදෙනා ඉඩ ලබාදී ඇති බවයි.
එමෙන්ම ඊයම් කොළ සහ මත්ද්‍රව්‍ය භාවිතයට සකස් කරන ලද මුදල් නෝට්ටුද සිරමැදිරි තුළ තබාගැනීමට අවසර ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
අදාළ සිද්ධිය අනාවරණය වී ඇත්තේ sri lanka police යටතේ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ සිරමැදිරි පරීක්ෂාවකදී බව වාර්තා වෙයි.



