
බන්ධනාගාර තදබදය අවම කිරීමට නව බඳවා ගැනීම් කෙරෙහි අවධානය
බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීම සහ බන්ධනාගාර පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබේ.
රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නජිත් ඉන්දික මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් හිඟයට විසඳුම් ලෙස සේවා අවශ්‍යතාවන්ට ගැළපෙන බඳවා ගැනීමේ ක්‍රමවේද සංශෝධනය කිරීම සහ බන්ධනාගාර නිලධාරීන්ගේ සේවා තත්ත්වය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කර තිබේ.
එමෙන්ම, බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීම, පවතින යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම, පුරප්පාඩු පිරවීම සහ රැඳවියන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී ඇත.
මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවල රජයේ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය අවම කිරීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාව වැඩි කිරීම, නවීන තාක්ෂණික උපකරණ ලබාදීම සහ පරීක්ෂණ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධානයට ලක්විය.
ඊට අමතරව, බන්ධනාගාර තදබදය පාලනය කිරීම ජාතික වැදගත්කමක් සහිත කරුණක් බව පෙන්වා දෙමින්, අධිකරණය, පොලිසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන අතර ශක්තිමත් සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.



