
උණුසුම් පුවත්
එස්.බී.ගේ සහෝදරයා ජයලත්ට ඇප
එස්.බී.ගේ සහෝදරයා ජයලත් බණ්ඩාර දිසානායක මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද (15) ඇප මත මුදාහැර තිබේ.
ඔහු හිටපු අමාත්‍ය එස්.බී. දිසානායකගේ සහෝදරයා මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකි.
මුදල් වංචාවකට අදාළ විමර්ශනයක් යටතේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, එහිදී අධිකරණය විසින් ඇප ලබාදීමට නියෝග කර ඇත.



