
ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසා දමයි
ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සම්බන්ධයෙන් යළි තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කර ඇත්තේ නැවත දැනුම්දෙන තුරු එම වැදගත් මුහුදු මාර්ගය වසා තැබීමට කටයුතු කරන බවයි.
සයිප්‍රස් ධජය සහිත නෞකාවක් අවසර නොලත් මුහුදු මාර්ගයක ගමන් කිරීමත් සමඟ ඇතිවූ සිද්ධියකදී ඉරානය විසින් වෙඩි ප්‍රහාර එල්ල කළ අතර, එම තත්ත්වය මත මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.
මේ අතර අදාළ නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපදය ඉරානයට එරෙහිව නව ප්‍රහාර ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසා ඇත්තේ අමෙරිකානු ප්‍රහාර සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත්, කලාපයේ පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක කළ හැකි බවත්ය.
මේ අතර, පසුගිය දින කිහිපය තුළ ඕමාන් මුහුදු සීමාව හරහා ගමන් කළ වාණිජ නෞකා තුනකට ඉරානයෙන් ප්‍රහාර එල්ල වූ බවට එක්සත් ජනපදය චෝදනා කර තිබේ. එම සිදුවීම්වලින් පසුව ඉරානයට එරෙහිව ප්‍රහාර දියත් කළ බවද අමෙරිකාව සඳහන් කර ඇත.



