
මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය නිලධාරීන්ට ලක්ෂ 20ක වන්දියක් ගැන අවධානය
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ පවුල් සඳහා ලබාදුන් රුපියල් ලක්ෂ 5ක මුදල මූලික ගෙවීමක් පමණක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම මුදල සම්බන්ධයෙන් එල්ල වන විවේචන පිළිබඳව අදහස් දක්වමින් බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවේ, අදාළ නිලධාරීන්ගේ පවුල් වෙත ලක්ෂ 20කට වැඩි වන්දියක් ලබාදීම පිළිබඳ අවධානය යොමු කර ඇති බවයි.
එමෙන්ම මියගිය නිලධාරීන්ගේ අවමංගල්‍ය කටයුතු සඳහා වැය වූ සියලු වියදම් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් දරා ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ අතර සිද්ධියෙන් තුවාල ලැබූ නිලධාරීන් සඳහා ද වන්දි මුදලක් ලබාදීම පිළිබඳව සලකා බලමින් සිටින බව වාර්තා වේ.
ගැටුමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් 07 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, ඉන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.



