
ප්‍රධාන පුවත්
වත්තල මත්ද්‍රව්‍ය වැටලීම: අයිස් සහ හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
වත්තල මත්ද්‍රව්‍ය වැටලීම අතරතුර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් ලද තොරතුරකට අනුව වත්තල ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.
එහිදී සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 140ක් සහ හෙරොයින් ග්‍රෑම් 538ක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කාන්තාව 36 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.



