
උණුසුම් පුවත්
සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම අධිකරණයෙන් ඉවතට
සුගීශ්වර බණ්ඩාර ඇප ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය විසින් අද (08) ප්රතික්ෂේප කර තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර මහතා ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට ඇති සැකයක් මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.
සැකකරුට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් වී නොමැති බැවින් ඇප ඉල්ලීම ප්රතික්ෂේප කරන බව කොළඹ කොටුව මහෙස්ත්රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
ඒ අනුව සුගීශ්වර බණ්ඩාර මහතා ලබන 22 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියම කර තිබේ.



