උණුසුම් පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුම ගැන අධිකරණ ඇමති හෙළිදරව්ව

මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, ගැටුමට සම්බන්ධ වූ රැඳවියන් අතට ආයුධ ලැබී තිබූ බවත්, ඔවුන් යකඩ ගේට්ටුවක් කඩා බන්ධනාගාරයේ පිටත ප්‍රදේශයට පැමිණ ඇති බවත් අනාවරණය කළේය.

මෙම සිද්ධිය කිසිදු අවස්ථාවක රජය විසින් අවතක්සේරු කර නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා, බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය සහ අනීතික ද්‍රව්‍ය ඇතුළු කිරීම සඳහා පැවති ජාලය බිඳ වැටීම වැළැක්වීම ගැටුමට සම්බන්ධ පිරිසගේ අරමුණ වී තිබූ බවද ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මුල් ප්‍රහාරයට ලක්ව ඇත්තේ නිරායුධ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු බවයි. ඔවුන් බේරා ගැනීම සඳහා අනෙකුත් නිලධාරීන් එම ස්ථානයට ගිය අවස්ථාවේදී ගඩොල්, පොලු සහ වෙනත් ද්‍රව්‍ය යොදා අමානුෂික ලෙස පහරදී ඇති අතර, එම ප්‍රහාර හේතුවෙන් බහුතර නිලධාරීන් ජීවිතක්ෂයට පත්වූ බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button