උණුසුම් පුවත්

රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන සීමා ඉවතට

ඉන්ධන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර, ඒ අනුව මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට පනවා තිබූ ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් ඉවත් කර තිබේ.

මෙම චක්‍රලේඛය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, විශේෂ වියදම් ඒකක, කොමිෂන් සභා ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

මීට පෙර මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් රජයේ වියදම් පාලනය කිරීමේ අරමුණින්, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන දීමනාව 2026 මාර්තු 1 දින පැවති ඉන්ධන මිල පදනම් කරගෙන ගෙවීමට අප්‍රේල් 2 දින චක්‍රලේඛයක් නිකුත් කර තිබුණි.

නමුත් නව චක්‍රලේඛය මගින් එම තීරණය අවලංගු කර ඇති අතර, 2026 ජූලි 1 සිට අදාළ පිරිස සඳහා ඉන්ධන නිකුත් කිරීම සහ දීමනා ගෙවීම වත්මන් ඉන්ධන මිල ගණන් අනුව සිදු කෙරෙනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button