
මීගමුව බන්ධනාගාර සිද්ධියට හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලයි
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හදිසි කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කථානායකවරයා වෙත ලිඛිත ඉල්ලීමක් භාරදී තිබේ.
එම ලිපියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, සුජීව සේනසිංහ, කින්ස් නෙල්සන්, රෝහිණි විජේරත්න සහ හෙක්ටර් අප්පුහාමි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්සන් තබා ඇත.
ලිපිය මඟින් පෙන්වා දෙන්නේ ජූලි 5 සහ 6 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි. එම මරණ හා තුවාල සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවද එහි සඳහන් කර ඇත.
මෙම සිද්ධියේ බරපතළකම සහ හදිසි ස්වභාවය සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තුවේ හදිසි කල්තැබීමේ විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.
මේ අතර මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වය බොහෝ දුරට පාලනය කිරීමට ආරක්ෂක අංශ සමත් වී ඇති නමුත් කාන්තා රැඳවියන් පිරිසක් තවදුරටත් විරෝධතාවයේ නිරත වන බව වාර්තා වේ.



