ප්‍රධාන පුවත්

පරිභෝජනයට නුසුදුසු සීනි ටොන් 4,250ක් අල්ලයි

පරිභෝජනයට නුසුදුසු සීනි ටොන් 4,250ක විශාල තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු පෑලියගොඩ, පෙතියාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෙම සීනි තොගය සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෙම මෙහෙයුමේදී රුපියල් මිලියන 850කට ආසන්න වටිනාකමකින් යුත් සීනි මිටි 85,000ක් ද සොයාගෙන ඇති අතර එම තොගය පරිභෝජනයට නුසුදුසු බව අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් කඩුවෙල, අංගොඩ, පිළියන්දල සහ හැටන් ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිදුකරමින් පවතී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button