සෞඛ්‍යය

PHI සංගමයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

PHI සංගමයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ, දිවයින පුරා ක්‍රියාත්මක ඩෙංගු මර්දන මෙහෙයුම් අතරතුර මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන්ට එරෙහිව මේ වනවිට අධිකරණ ක්‍රියාමාර්ග 7,500කට ආසන්න සංඛ්‍යාවක් ගෙන ඇති බවයි.

සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, මෙම නීතිමය පියවර ජනතාවට අපහසුතා ඇති කිරීමේ අරමුණින් නොව, ඩෙංගු අධි වසංගත තත්ත්වය පාලනය කරමින් මහජන සෞඛ්‍ය සහ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ බවයි.

තවද ඉදිරියටත් නිවාස හා ආයතන ඇතුළු සියලු පරිශ්‍ර අඛණ්ඩව පරීක්ෂාවට ලක් කරන අතර, මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගතහොත් පූර්ව දැනුම්දීමකින් හෝ විශේෂ නිවේදනයකින් තොරව සෘජුවම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා,

”දැනට ලංකාවේ පවතින ඩෙංගු අධි වසංගත තත්ත්වය ආරම්භ වූ දා සිට මේ මොහොත දක්වා දිවයින පුරා ඉන්න මහජන පරීක්ෂකවරු අධිකරණ ක්‍රියාමාර්ග 7500කට ආසන්න සංඛ්‍යාවක් අරගෙන තියෙනවා මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන්නන්ට එරෙහිව.. විශේෂයෙන්ම මෙම අධිකරණ ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ මහජනතාව අපහසුතාවයට පත් කරන්න නෙමේ.. දැනට රටේ පවතින ඩෙංගු අධි වසංගත තත්ත්වය පාලනය කරගන්න සහ රටේ මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින්.. ඒ නිසා මදුරුවන් බෝවන ස්ථාන පවත්වා ගෙන ගිහින් පහසුතාවයට පත් වුණා නම් කනගාටුව ප්‍රකාශ කරනවා.. නමුත් ඉදිරියේදීත් අපි නිවාස, ආයතන පරිශ්‍ර සියල්ල පරීක්ෂා කරනවා.. මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන් අය හමුවුණොත් නැවත දැනුම්දීමකින් හා නිවේදන නිකුත් කිරීමකින් තොරව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට අපි අනතුරු අඟවනවා..”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button