ප්‍රධාන පුවත්

එප්පාවල දෝණි හෙරොයින් සමඟ අත්අඩංගුවට

එප්පාවල දෝණි අත්අඩංගුවට ගැනීමත් සමඟ දිගු කලක සිට ප්‍රදේශ කිහිපයක නීතිවිරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට වැදගත් ප්‍රගතියක් ලැබී ඇති බව පොලීසිය පවසයි.

“දෝණි” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මෙම කාන්තාව පත්කොළවැටිය, එප්පාවල ප්‍රදේශයේ පදිංචි සුරේඛා දිපානී නමැති දෙදරු මවකි.

එප්පාවල පොලීසිය සිදු කළ හදිසි වැටලීමකදී ඇයගේ නිවස පරීක්ෂාවට ලක් කළ අතර, එහිදී ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2.450ක ප්‍රමාණයක් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ සැකකාරියට මීට පෙරද නීතිවිරෝධී මත්පැන් ජාවාරම් සම්බන්ධයෙන් පෙර වැරදි 10කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ (04) තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button